16 May 2015
ඇමරිකානු දැරියකට අතවර කරන්න හැදු ලාංකිකයා අත්අඩංගුවේ
අමෙරිකාවේ ෆ්ලොරීඩාහිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරිමට තැත් කළ ශ්රී ලාංකික තරුණයෙකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 23 හැවිරිදි ශ්රී ලංකික තරුණයෙකි.
ඔහු එම දැරිය අන්තර්ජාලය හරහා හඳුනාගෙන ඇති අතර පසුව එම දැරියට ලිංගික අතවර සිදුකිරිමට උත්සහ කර ඇති බව වාර්තාවෙයි.
සැකකාර ශ්රී ලාංකික තරුණයා මේ වනවිට ෆ්ලොරීඩා හි බන්ධනාගාරයක රඳවා තිබෙන අතර ඔහුට එරෙහිව ෆ්ලොරීඩා අධිකරණය හමුවේ නඩු පැවරීමට ෆ්ලොරීඩා පොලිසිය පියවර ගෙන තිබේ.