ඇමරිකානු මංකොල්ලකරුවන් අසරණ කෙරූ ලාංකිකයා

mayura
ඇමරිකාවේ හුස්ටන්හි ඉන්ධන පිරවුම් හලක සේවය කරන ශ්‍රී ලංකික තරුණයකු වන මයුර දිසානායක මෙලෙස කොල්ලකරුවන් පලවා හැර ඇති බවට වාර්තා වේ. ඔහු සේවයේ යෙදී සිටි අවස්ථාවේ වෙළදසැලේ සහයකයකු බැංකුවට ගොස් පැමිණ වහනයෙන් බසිනවාත් සමගම කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ ඔහුගේ අතේ තිබු මුදල් සහිත බෑගය උදුරා ගැනීමට උත්සහ දරා තිබේ. එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික තරුණයා මැද්දට පැන මංකොල්ලකරුවන්ට පහරදී සොරකම ව්‍යර්ථ කර ඇත.

මෙම පහරදීම හමුවේ එක කොල්ලකරුවෙකු ඔවුන් පැමිණි රථයෙන් පළාගොස් තිබෙන අතර අනෙක් කොල්ලකරුවා බිම ඇද වැටී සිට ඇත. පසුව ඔවුන් මෙම පුද්ගලයා පොලීසියට භාර දී තිබේ.
මයුරගේ පහරකෑමට ලක්ව පසුව අත්අඩංගුවට පත්ව ඇත්තේ 33 හැවිරිදි ඔඩෙලි මැතිස් නැමති අයෙකු බවද ඔහු මෙවැනි සොරකම් පිළිබද නම්දැරු අයෙකු බවද එරට පොලිසිය වාර්තා කලා.

ශ්‍රී ලාංකික සටන් ශුරයකු වන මයුර ඇමරිකාවේ සිටින අතරවාරයේ ගෑස් ස්ටේෂන් එකක් හා අනුබද්ධ වෙළදසලක ක්ලාර්ක් කෙනෙකු ලෙස සේවය කරගෙන යයි. මෙම සිද්දියේ සිසිටිවී දර්ශන ඇමරිකානු රුපවාහිනී නාලිකාවල විකාශය කර තිබු අතර ඔහුගේ සටන්කාමිත්වය හා අවස්ථානෝචිතව ක්‍රියා කිරීම ප්‍රශංසාවට භාජනය කර තිබුනා. ඔහු සහබාගි වූ බොක්ෂින් තරගයක කොටසක්ද දක්වමින් ඇමරිකානු නාලිකා මගින් මෙම පුවත ප්‍රචාරය කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>