ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

null

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් නිල සංචාරයක් සඳහා අද අලූයම දිවයිනට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල්. 506 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් සිට අලුයම පහට පමණ මෙරටට පැමිණි නීෂා බිස්වාල් මහත්මිය සමග දුත පිරිසක්ද විය.

නව රජය බලයට පත්වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ඉහලම රාජ්‍ය තාන්ත‍්‍රිකයා නීෂා බිෂ්වාල් මහත්මියයි.

නිශා බිස්වාල් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර ඇය මෙරට සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඇතුලූ නව රජයේ ප‍්‍රධානීන් සමගද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැට‍ළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>