ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට

null

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද අළුයම 03.25ට අබුඩාබි හී සිට පැමිණි ගුවන් යානයකින් බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණි ඇත.

මේ අතර නිශා බිස්වාල් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සමග ද අද(25) දිනයේ දී නිශා බිස්වාල් මහත්මිය සාකච්ඡා සිදුකරනු ඇත.

නීශා බිස්වාල්ගේ ශ‍්‍රී ලංකා සංචාරය මීට සති කිහිපයකට පෙර සැළසුම් කර තිබූ අතර, මෙරට පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් කල්දමනු ලැබ තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>