ඇමරිකාවෙන් ලංකාවට එරෙහි තවත් යෝජනාවක්

null

ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අමෙරිකාව සූදානම් වේ.

ලබන මාර්තු මාසයේ ජිනිවා නුවර පැවැත්වෙන සැසියේදී මෙම යෝජනාව සභාගත කිරීමට ඔවුන් අපේක්‍ෂා කරන බව වාර්තා වේ. අදාළ යෝජනාව මීට පෙර 2012 සහ 2013 යන වසරවලදී ඉදිරිපත් කෙරුණු යෝජනාවලම දිගුවකි.

ප‍්‍රතිසංධාන වැඩපිළිවෙල සදහා දැනට වඩා වැඩි ප‍්‍රමුඛතාවක් ලබාදෙන ලෙසද, නැවත සිවිල් ගැටුමක් ඇතිවීම වැළැක්වීම සදහා යුක්තිය සහ වගවීම තහවුරු කරන ලෙසද එමගින් ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ යෝජනාව සදහා කරුණු රැස්කර ගැනීම සහ මූලික අධ්‍යයනයන් සදහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිෂ්වාල් මහත්මිය අද ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බවද නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>