ඇමෙරිකාවේ රියලිටි තරඟය දිනූ ලාංකික තරුණිය දිවයිනට පැමිණේ

null

ඇමෙරිකාවේ සී.බී.එස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සර්වයිවර්” නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි ජයග්‍රහණය හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඇය සමග ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් ද මෙරටට පැමිණ තිබේ.

නටාලි ඇන්ඩර්සන් සහ නාදියා ඇන්ඩර්සන් නම් වු මෙම ශ්‍රී ලංකික නිවුන් සහෝදරියන් දෙදෙනාම මෙම රියලිටි තරගයට ඉදිරිපත් වු අතර නාදියාට තරගාවලියේ මුල් අවස්ථාවේදීම ඉන් ඉවත්වීමට සිදු විය. එහෙත් දින 39 තිස්සේ විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් එම රියලිටි තරගය ජයගැනීමට නටාලි ඇන්ඩර්සන්ට හැකිවිය.

ඉන් ජයග්‍රහණය කිරීමෙන් පසු ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබී ඇත. එම මුදලින් කොටසක් ශ්‍රී ලාංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කර තිබේ.

මෙරටට පැමිණි සොයුරියන් දෙදෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගෙන තිබෙන අතර තම ජයග්‍රහණය පිළිබදව නටාලි ඇන්ඩර්සන් මෙසේ අදහස් දැක්වූ බව ලංකාදීප වාර්තා කරයි…

“මම ලංකාවට ආවේ අවුරුදු 3 කට පස්සේ. මේ වනකොට ඇමරිකාව ”සර්වයිවර්” වැඩසටහන් 30 ක් පවත්වලා තියෙනවා. මෙවැනි තරගයක් ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ පළවෙනි කෙල්ල මම. ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් සහයෝගය දුන්නා.
මේක අමුතුම රියලටි තරගයක්. ”සර්වයිවර්” කියන්නේ කෙනෙකුට සහභාගී වී පහසුවෙන් ජයගන්න පුලූවන් තරගයක් නෙමෙයි. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත් කරන්න වෙනවා.

උපද්‍රව ගණනාවකට මුහුණ දෙමින් ජීවිතය නොනැසී ගලවා ගන්නට සමත් වන තැනැත්තාට තමයි ”සර්වයිවර්” කිරුළ හිමිවන්නේ. මෙම තරගාවලියේදී අපිට නිකරුගුවාව කියන දුපතේ ඉතාමත් දුෂ්කර පැත්තකට ගිහින් දැම්මා. දින 39 ක් ඒ දුපතේ ජීවත්වෙන්න වුණා. අපේ ලංකාවේදි අපි පුංචි කාලෙදි ජීවත් වුන හැටි මතක නිසා ගොඩක් දුෂ්කර අභියෝග ජයගන්න පුලූවන් උනා. ආහාර, ජලය, ගින්දර හෝ හිසට සෙවනක් නැහැ. මුලික අවශ්‍යතා කිසි දෙයක් එහි නැහැ. අපි ඒවා කොහොම හරි සපයා ගන්න ඕනෑ. ඒ සියලු අවශ්‍යතා සපයාගෙන විවිධ දුෂ්කරතා මැඩ පවත්වාගෙන ලකනු ලබා ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි. තුවාලයක් හෝ වෙනයම් ආපදාවක් සිදු වුණොත් තරගයෙන් ඉවත්වෙන්න සිදුවෙනවා. ගින්දර අපි හදාගන්න ඕනේ. හාල් ගෝනියක්, ලුනු පැකට් එකක් සහ ධාන්‍ය වර්ගයක් දෙනවා. අපි මාළු අල්ලගෙන කන්න ඕනේ. මම තමයි හොදටම මාළු ඇල්ලූවේ. ගොඩක් අය මාව අනුකරණය කළා. ගින්දර හදාගන්න හැටි මට හොදට පුලූවන් වුණා.

දවසක් අපිට බඩ ගිනි හැදුනා. එහි සියඹලා ගහක් තිබුනා. කවුරුත් සියඹලා කන හැටි දන්නේ නැහැ. නමුත් අපිට ලංකාවේ අත්දැකීම් තිබුනා. මම සියඹලා කරල පොතු ඉවත් කරලා අනිත් අයට කන හැටි කියලා දුන්නා. ඒ වගේ ගොඩක් දේවල් මට අනිත් අයටත් කියා දෙන්න හැකි වුණා. තරගකාරියන් 17 දෙනෙක් හිටියා. ලෝකයේ විවිධ දේවල් වලට ඉතා ප්‍රසිද්ධ අයත් එහි හිටියා. මගේ නංගි නාදියාට දුෂ්කරකම දරාගන්න බැරි උනා. ඇය මුල්වටවලදිම අයින් උනා. නංගි අයින් උනාම මටත් අයින් වෙන්න හිතුනා. ඒත් නංගි මා දිරිමත් කළා. මම සියලු බාධක මැඩගෙන ඉදිරියටම ගිහින් ජයග්‍රහණය හිමිකරගත්තා. මම ලංකාවට ගොඩක් ආදරෙයි. අපි එහෙ හිටියත් ලංකාව ගැන හිත හිත තමයි ජීවත් වෙන්නේ. මට ලැබුන මුදල් වලින් මම විශාල මුදලක් මේ රටේ දරුවන් වෙනුවෙන් වැය කරන්නයි බලාපොරොත්තුව.”

null
null
null
null
null
null
null

pics – ලංකාදීප 

පෙර පළවූ පුවත පහතින්…

ඇමෙරිකාවේ රියලිටි තරඟය දිනූ ලාංකික තරුණිය

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>