ඇඹිලිපිටිය සිද්ධියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

null

ඇඹිලිපිටියේ සාදයක් අතරතුරදී එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරිව සිටි ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන ‍පොලිස් පරික්ෂකව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට නියෝග කර තිබේ.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.

ඒ අනූව මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සෙසු පොලිස් නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර මියගිය සුමිත් ප්‍රසන්නගේ මිතුරන් පිරිසක් සාක්ෂි විමසීම සිදුකරන අවස්ථාවේදී ඇඹිලිපිටිය අධිකරණය ඉදිරිපිට මාර්ගයේ නිහඩ විරෝධතාවක නිරත වී තිබේ.

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>