ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවේ

null

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පසුගියදා පැවති සාදයක් අතරතුරදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව සැකපිට සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී ධර්මරත්න මහතා අත්අඩංගුවට ‍ගෙන තිබේ.

ඊයේ (02) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති ඔහු පසුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔහුට චෝදනා 3 ක් යටතේ නඩු පැවරීමට තීරණය කර තිබේ. ඒ, ඔහුට එරෙහිව ඇති සාක්‍ෂි දෙකක් පදනම් කර ගනිමින්. මිනිමැරීම, පහරදීම් සහ අලාභහානි සිදු කිරීම එම චෝදනා වෙයි.

සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත් වූ සුමිත් ප‍්‍රසන්නගේ බිරිද වන ශෂිකා මුණසිංහ මහත්මිය තමාට බලපෑම් එල්ලවෙමින් ඇතිබව මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ තම සැමියා කෘර ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ නීති අංශයේ නීතිඥ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.

මීට අමතරව මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ලසන්ත හා වසන්ත යන දෙදෙනා වෙනුවෙන් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත්,එසේම සාදය පැවති නිවසට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත් නීතිඥවරයා සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>