ඇවන්ගාඩ් නැවේ තිබූ බහලුම් 3ට සීල්

null

තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි ඇවන්ගාඞ් නෞකාවේ තිබී අවි සහ පතොරොම් සහිත කන්ටේනර් පෙට්ටි 3කට මුද්‍රා තබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ නෞකාව තුළ දින දෙකක් පුරා සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස මුද්‍රා තබා ඇති බවයි.

එම බහුලම්වල ගිනි අවි හා වෙඩි උණ්ඩ ඇතැයි සැක කරන අතර ඒ අනූව ඒවාට මෙලෙස සීල් තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පසුගියදා ගාල්ල වරාය ආසන්නයේ දී ඇවන්ට්ගාඩ් නෞකාව නාවික හමුදාව විසින් සිය බාරයට ගැනීමෙන් පසු සැකකටයුතු එකී නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලීසියට පැවරීමට පොලිස්පතිවරයා පියවරගත්තේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>