ඇවන්ගාඩ් පවරා ගැනීමෙන් දින 6ට ඩොලර් 525,000ක ආදායමක්

null

ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීමෙන් අනතුරුව පළමු දවස් 6 තුළ ඩොලර් 525,000 ක ආදායමක් ලබා ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරතන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඇවන්ට්ගාඩ් සිද්ධියේ අක්‍රමිකතාවක් සිදු නොවුණු බව කියාපෑමට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකුට උපදෙස් ලබාදී තිබුණු බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර චීන සමාගමක් සමග ආරම්භ කරන ලද දැනට අතරමග නවතා ඇති පෝටි සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බවද ඔහු එහිදී සඳහන් කර තිබේ.

එය නවතා ඇත්තේ ඒ පිළිබඳ වන පාරිසරික වාර්තාව ලැබෙනතුරු මාස 6 ක කාලයකට යයි අමාත්‍යවරයා කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>