ඇවන්ගාර්ඩ් නැවේ අවි නාවික හමුදාවට

null

මතභේදයට තුඩු දුන් ඇවන්ගාඩ් නෞකාවේ ඇති අවි ආයුධ සියල්ල අද (13) නාවික හමුදාව භාරයට ගන්නා බව නාවික හමුදාව පවසයි.

ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර සියලු ගිවිසුම් අවලංගු කර එහි මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා ඊයේ ගනු ලැබූ මූලික පියවර අනූව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම අලෙවි මහතා සඳහන් කර ඇත.

ඒ අනුව ගාලු වරායේ නැංගූරම්ලා ඇති නැවේ බහලුම්වල තිබෙන අවිආයුධ මෙලෙස නාවික හමුදා භාරයට ගනු ඇති. ඒ සදහා ආරක්‍ෂක අමාත්‍යාංශය මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය හිමිව තිබේ.

ආසන්න වශයෙන් මෙම නෞකා දෙකෙහි අවිආයුධ ඇතුළු උපකරණ තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ඇති බවට විශ්වාස කෙරෙ.

කෙසේවෙතත් නිශ්චිත සංඛ්‍යාවක් පිළිබද නිල වශයෙන් ප‍්‍රකාශයක් කළ නොහැකි බවද කපිතාන් අක‍්‍රම් අලෙවි මහතා පවසයි.

මතබේදයකට ලක්ව ඇති ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධ කතා බහ දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස එහි මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට පැවරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ පැවසීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>