ඇවන්ට් ගාර්ඩ් සභාපතිට රටින් පිටවීම තහනම්

null

ඇවන්ට් ගාඩ් පුද්ගලික ආරක්ෂණ ආයතනයේ සභාපති වන යාපා සේනාධිපතිගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝගකර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව කරනලද ඉල්ලීමක් මත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසිනි.

මතබේදයට තුඩුදුන් ගාල්ලේ නැංගූරම්ලා තිබූ මහනුවර නෞකාවේ අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බැවින් එහි සභාපතිවරයා රටින් පිටව ගියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙන්වාදී ඇතැයි සඳහන්ය.

ලංකාදීප පුවත් වාර්තා කරන පරිදි ඇවන් ගාර්ඩ් සමාගම ආරක්ෂක අංශයේ ලියාපදිංචි ආයතනයක් බව එහි සභාපති පැවසීයැයිද ශ්‍රී ලංකාවට යාත්‍රා කරන නැව්වල අවි භාරගැනීමට තම සමාගමට අවසර දී ඇතැයිද එම නැව් ආපසු යන විට එම අවි බාරදෙන බවද සභාපති කියා ඇත. 2010 සිට තම සමාගම මෙම කටයුතු කරන බවත් එයින් ලැබෙන ආදායම ආරක්ෂක හේතු මත හෙළි කළ නොහැකි බවත් පසුගිය දෙවසරේදී උපයාගත් රුපියල් ලක්ෂ 30 ක ආදායම අප සමාගමත් ආරක්ෂක අමාත්‍යංශයත් අතර බෙදා ගත් බවද ඔහු සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>