06 Jun 2015
ඇහැලියගොඩ මාරක රිය අනතුරකින් 4ක් මරුට
රත්නපුර – කොළඹ ප්රධාන මාර්ගයේ ඇහැලියගොඩ ප්රදේශයේදී අද (06) අලූයම 2.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය පැවසුවේ ඔවුන් පැමිණි තී්රරෝද රථය යතුරු පැදියක ගැටී පසුව බස් රථයක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි. එම බස් රථය කොළඹ සිට බදුල්ල දක්වා වූ ධාවනය වූවක්.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනෙකු වන අතර ඔවුන් ගැටහැත්ත ප්රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා වේ.