ඇළකින් කපා දැමූ අතක් හමුවෙයි

null

ඊයේ (16) පස්වරුවේ වැලිකඩ-නාවල ඇළ මාර්ගයක තිබී කපාදමන ලද මිනිස් වම් අතක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

එම ඇළ මාර්ගය ශුද්ධ පවිත‍්‍ර කරමින් සිටි පිරිසකට පුද්ගලයෙකුගේ බාහුව අසළින් කපා ඉවත් කරන ලද වම් අතක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පසුගිය සෙනසුරාදා දෙමටගොඩ – සිරිධම්ම මාවත අසළ කුණු ඇළක තිබී සොයා ගත් මිනිස් පාද යුගලය සහ මෙම අත එකම පුද්ගලයෙකුගේ ද යන්න සොයා බැලීමට නියමිත අතර ඒ සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>