ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාව අසීරු තත්ත්වයක

null

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය ඇෆ්ගනිස්තානය සමග අද යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පිලේ ආරාධනයට අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4කදි සියලුදෙනා දැවී ලකුණු 232ක් ලබාගන්නා ලදී.

නව්රෝස් මංගල් ලකුණු 10 කට දැවී ගිය අතර, ජාවෙඩ් අහමෙඩි ලකුණු 24 ය. අස්ඝර් ස්ටැනික්සායි සහ සමියුලාහ් ශෙන්වාරි තුන්වැනි කඩුල්ලට ලකුණු 88 ක සබඳතාවක් ගොඩ නැගූහ. පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ අස්ඝර් ලකුණු 54 ක් රැස් කළේය.

මෙහිදී ලසිත් මාලිංග සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 ට කඩුලු 3 බැගින් දවා ගත්හ.

මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>