ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ඔත්තුකරු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්

arunltte
පාකිස්ථානයේ අයි.එස්.අයි. ඔත්තු සේවාව වෙනුවෙන් ඉන්දියාවේ ඔත්තු බැලූ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව හෙළිදරව් වී තිබෙ. අරූන් සෙල්වරාජන් නැමැති මෙම ඔත්තුකරුවා ඉන්දියාවේ ජාතික බුද්ධි අංශ සේවාව මගින් පසුගිය බදාදා චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

මොහු ඉන්දියාවේ මුම්බායි නුවරට 2008 වසරේ එල්ල වූ සැප්තැම්බර් 26 ප‍්‍රහාරයට සමාන ප‍්‍රහාරයකට තොරතුරු රැස්කරමින් සිටි බව අනාවරණ වී තිබෙ.

අරූන් සෙල්වරාජන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු චෙන්නායි නුවර ස්ථාන කිහිපයක ලබාගත් වීඩියෝ දර්ශන ස්කයිප් තාක්ෂණය ඔස්සේ ශී‍්‍ර ලංකාවේ සිටි පාකිස්තාන ජාතිකයෙකු වෙත ලබාදෙමින් සිටි බවද අනාවරණය වී තිබෙ. චෙන්නායි නුවරට අමතරව ආන්ද්‍රා ප‍්‍රදේශයේ සහ විශාඛාපට්නම් හි ස්ථාන කිහිපයක ඡායාරූපද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ඇත.

මොහු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සහය වූ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයෙකු ලෙස දැන් හඳුනාගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කරයි. කෙසේ නමුත් මෙම ඔත්තු බැලීමේ චෝදනා පාකිස්ථානය ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, පසුගියදා චෙන්නායි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයට සහ බැංගලෝරයේ ඊශ‍්‍රායල කොන්සල් කාර්යාලයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට තමිල්නාඩු පොලීසිය මගින් ශකීර් හුසේන් නැමති මුස්ලිම් ජාතික ශ‍්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

arunselwaraj

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>