ඉන්දියාවේ සත්තු වත්තකදී ව්යාඝ්රයකුට ගොදුරුවී තරුණයෙකු මියයයි
ඉන්දියාවේ දිල්ලි සත්තු වත්තේ සුදු ව්යාඝ්රයකුට ගොදුරුවී නරඹන්නෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි මක්සුද් නැමති තරුණයෙකි. සත්තු වත්තේ සුදු ව්යාඝ්රයින් නැරඹීම සඳහා ඇති ආරක්ෂිත තාප්පයෙන් මොහු ඇතුලට ගොස් ඇත.
එම තාප්පයෙන් පහලට ඇද වැටෙන තරුණයා සුදු ව්යාඝ්රයකුට ගොදුරු වේ.
නරඹන්නන් මෙම සිද්ධිය වීඩියෝ ගත කර ඇති අතර සුදු ව්යාඝ්රයාගේ අවධානය වෙනතකට යොමුකර තරුණයා බේරාගැනීමට උත්සහ කර ඇතත් එය අසාර්ථක වී ඇත.
විසි හැවිරිදි මක්සූද් සත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයා සිටි ස්ථානයට ඇද වැටෙන්නේ අඩි තුනක් පමණ කෙටි තාපයකින් මෙහාටය. සතුන් නරඹන්නන් එම කෙටි බිත්තියෙන් මහාට ඇති දැල් සහිත වැටෙන් එහා සිට ව්‍යාඝ්‍රයා නැරඹිය යුතු බව කීවත් බොහෝ දෙනකු සුදු ව්‍යාඝ්‍රයා නැරඹීමට දැල් වැට පැන යනු බව පැවසේ. මක්සූද් ඇද වැටෙන්නේ අඩි පහළොවක් පමණ ගැබුරු ස්ථානයකට වුවත් ව්‍යාඝ්‍රයා මක්සූද් වෙත දිව එන්නේ යාර 100ක් වැනි දුරක සිටය.
පසුව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ තරුණයා මරා දැමීමට පෙර ව්‍යාඝ්‍රයා වෙනුවෙන් භාවිතා කිරීමට නිර්වින්දන එන්නත් සත්වෝද්‍යානයේ තිබී නැති බවය. එම නිසා ව්‍යාඝ්‍රයා පැමිණ විනාඩි 10ක් පමණ මක්සූද්ට ඉව කරන වේලාව තුළ නිර්වින්දන එන්නත් විඳින තුවක්කු නොතිබීමෙන් උගේ සිහිය විකල් කිරීමට නොහැකිව ඇත.
වීඩියෝ දර්ශනවලට අනුව සත්වෝද්‍යාන සේවකයින් ව්‍යාඝ්‍රයාට “විජේ” යනුවෙන් උගේ නම කියමින් අඬ ගැසුත් ඌ නැවත යන්නේ මක්සූද් බෙල්ලෙන් අල්ලාගෙනය.
එතෙක් මක්සූද් ඌට වැඳ වැටෙමින් දෙවියන් සිහි කරනු දක්නට ලැබේ.
විජේ නම් සුදු ව්‍යාඝ්‍රයා මක්සූද් රැගෙන ගොස් තුවාල කර විනාඩි කිහිපයකින් පසුව ඔහු මිය ගොස් තිබේ. එක් අතකින් සත්වෝද්‍යාන බලධාරීන් සතුව නිර්වින්දන එන්නත් තුවක්කු තිබුණා නම් නැතිනම් මක්සූද් කෙටි තාප්පය අසලට නොගොස් පරිස්සමින් සිටියානම් හෝ මෙම ඛේදවාචකය මෙසේ නොවන්නට තිබිණි.