04 Sep 2015
ඉන්දියාව කැළඹූ සනී ලියොන්ගේ කොන්ඩම් දැන්වීම
සනී ලියොන් පෙනී සිටිනඋපත් පාලන කොපු වෙළඳ දැන්වීමක් හේතුවෙන් ඉන්දියාව තුල ලිංගික අපරාධ වැඩි වීමේ අවධානමක් පවතින බව එරට කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන අතුල් කුමාර් අංජාන් පවසයි.
එම දැන්වීමෙන් ළමුන්ගේ මනසට දැඩි හානි වන බවත්, ඉන්දියාවේ ස්ත්රී දූෂණ ඉහළ යා හැකි බවටත්, මේ නිසා එම දැන්වීම තහනම් කරන ලෙසටත් ඉන්දීය රජයෙන් ඔහු ඉල්ලීමක් කර තිබේ.
ඉන්දියාවේ උත්තර් ප්රදේශයේ මහජන හමුවක් අමතමින් ඔහු ප්රකාශ කර ඇත්තේ නිරුවත් චිත්රපටවල රඟපෑ නිළියක් වන සනී ලියෝන්ගේ රංගනයන් ඇතුළත් මෙවැනි වෙළඳ දැන්වීම් රූපවාහිනී මගින් ප්රචාරය වීම නිසා සමාජය තුළ ලිංගික හැඟීම් වර්ධනය වන බවයි.
සනී ලියොන් මීට පෙරත් කොන්ඩම් වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිට තිබේ. එම දැන්වීම් පහතින්…