ඉන්දියාව තරඟාවලිය ජයගනී

null

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයත් ජය ගනිමින් තරඟාවලිය 3ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

හයිද්‍රාබාද් හි පැවති තුන්වන එක්දින තරඟය කඩුලූ 6 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (09) සමත්විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 48 යි පන්දු 2 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 242 ක් පමණි.

දිල්ෂාන් ලකුණු 53ක් ලබාගත් අතර සිය 17වැනි එක්දින ශතකය වාර්තා කළ මහේල ජයවර්ධන ඉතිහාසයට එක් වූයේ එක්දින ලකුණු දොළොස් දහසේ සීමාව පසුකළ ලොව 5 වැනි ක්‍රීඩකයා ලෙසින් ය. ඔහු අද රැස් කළ ලකුණු සංඛ්‍යාව 118කි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 7 දෙනෙකුටම මෙම ඉනිමේදී ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකි නොවීමද විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දියාව ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය අතර පන්දුවාර 44.1දී කඩුලු 4ක් දැවී ජය වාර්තා කළේය. සිකර් දවාන් ලකුණු 91ක්ද, විරාට් කෝලි ලකුණු 53ක්ද ලබා ගනිමින් ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් වැඩිදායකත්වයක් ලබාදෙන ලදී.

පසුව පවතී මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත්තේ ඉන්දීය කණ්ඩායම සමග ඊයේ පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී තම කණ්ඩායම දක්ෂ අයුරින් ක්‍රීඩා නොකළ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>