ඉන්දියාව දින්නේ හොර කරලාලු

null

බංග්ලාදේශය සමග ඊයේ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව ජය ගත්තේ විනිසුරුවන්ගේ වැරදි තීරණ නිසා බව බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මුස්තෆා කමාල් පවසයි.

ඔහු මාධ්‍ය ඔස්සේ චෝදනා කර ඇත්තේ, ඊයේ තරගයේදී ඉන්දියාවට වාසි වන ආකාරයේ වැරදි තීරණ කිහිපයක් ම විනිසුරුවරුන් විසින් දෙනු ලැබූ බව ය. එම විනිසුරුවරුන් එලෙස ක්‍රියා කළේ, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දීම සඳහා පැවති පූර්ව සැලසුමක් අනුව බවට ඔහු චෝදනා කරයි.

ලකුණු 90ක් ලබා සිටි අවස්ථාවේ ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා ලබාදුන් උඩ පන්දුවක් බංග්ලාදේශ ක‍්‍රීඩකයෙකු රැකගත් නමුත් අදාළ පන්දුව විනිසුරුවරුන් විසින් නිපන්දුවක් ලෙස නම් කළ බවත්, ඉන්දීය පිලේ ධවාන් විසින් හතරේ සිමාවේ පය තබා රැකගත් උඩ පන්දුව දැවී යාමක් ලෙස දුන් බවත් ඔහු මෙන්ම බංගලාදේශ ක්‍රීඩා ලෝලින්ද චෝදනා කරයි.

අදාළ චෝදනාවන් ඉදිරියේදී නිල වශයෙන් අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බව මුස්තෆා මහතා සඳහන් කර තිබේ.

මේ අතර මුෂ්තාෆා කමල් මහතාගේ ප‍්‍රකාශය අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් විසින් ප‍්‍රතික්ෂේප කරනවා. ඔහු කියා සිටියේ අදාළ ප‍්‍රකාශය ඉතා කණගාටුදායක බවයි.

ඊයේ තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ, අලීම් ඩා සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවරුන් ය.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>