06 Oct 2015
ඉන්දියාව පැරදීගෙන එනවිට කුපිතවූ පේ්රක්ෂකයෝ
සංචාරක දකුණු අපි‍්‍රකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කටක් හි ඊයේ (05) පැවති දෙවන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ අවසන් භාගයේදී ඉන්දීය පේ්රක්ෂකයින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ජයග්‍රාහී සීමාවට ආසන්න වෙත්ම 11 වැනි පන්දුවාරයේදී කුපිත වූ ඉන්දීය පේ්රක්ෂකයින් කී‍්‍රඩාංගණයට ජල බෝතල් සහ ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පේ්රක්ෂකාගාර දෙසින් ජල බෝතල් ප්‍රහාර එල්ල වීමත් සමග පන්දු රකිමින් සිටි ඉන්දීය කී‍්‍රඩකයින් ආරක්ෂාකාරීව පිටිය මැදට පැමිණ ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ තත්වය පාලනය කිරීමෙන් පසු විනාඩි 27කින් පමණ යළි තරගය ආරම්භ කිරිමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.
තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 3කින් සමන්විත මෙම තරගාවලිය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම 2 ට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තා.