ඉන්දියාව T20 තරඟාවලිය දිනයි
ශ්‍රී ලංකාවට එරෙහි පැවැති 20-20 තරඟාවලියේ තෙවන තරඟයද කඩුලු 9කින් ජය ගනිමින් එම තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (14) සමත් විය.
අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18දී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 82ක් පමණි.
ලකුණු 83ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවීයාම් දෙකක් සම්බන්ධයෙන් මෙසේ විනිසුරුගේ තීරණ පිළිබඳව මතභේද හටගෙන තිබේ.
බැලූ බැල්මට ඒවා දැවීයාම් නොවන බව පෙනීයන බවයි එහිදී චෝදනා එල්ලවෙයි. ඒ හේතුවෙන් මෙම එක් විනිසුරුවරයෙක් ඉන්දීය පිළ වෙනුවෙන් දැඩිව පෙනී සිටි බවයි ඇතැම් ක්‍රීඩා විචාරකයින් සහ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස වී ඇත.
මෙම තරඟයේදී විනිසුරුවන් ලෙස කටයුතු කලේ අනිල් කුමාර් චෞද්රි සහ සී.කේ නන්දන්.
සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව සීඝ්‍ර ලෙස අදහස් හුවමාරු වෙමින් ඇති බවත් දැක ගන්නට ලැබේ.