ඉන්දීය අගමැති දිවයිනට පැමිණේ

null

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (13) අලූයම දිවයිනට පැමිණ තිබේ. අළුයම 5 යි 20ට පමණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟාවිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙදින නිල සංචාරයකට ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් යුතුව පිළිගෙන තිබේ. එම අවස්ථවට මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් සහ මැතිඇමතිවරුන් රැසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියේය.

ඉන්දිය අග‍්‍රමාත්‍යවරයෙකු නිල සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ වසර 28 කට පසුවයි. අවසන්වරට නිල සංචාරයක් සදහා ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා 1987 වසරේදී දිවයිනට පැමිණියා.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද (13) සහ හෙට (14) දෙදින කොළඹ සහ ඒ අවට මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 1000 ක් පමණ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>