ඉන්දීය අගමැති මාර්තු 13 දිවයිනට

null

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා මාර්තු මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර ඔහු 13 වැනිදා පැමිණ 15 වැනිදා තෙක් මෙරට රැඳීසිටීමට නියමිත ය. එහිදී ඉන්දීය අගමැතිවරයා උතුරේ සංචාරයක ද නිරත වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති අතර එය භාර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ඔහුගේ පැමිණීම අපේක්ෂා කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී නිවේදනය කෙරිණ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>