ඉන්දීය අගමැති හෙට දිවයිනට

null

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ නායකයින් හමුවීමට නියමිත ය. එමෙන්ම ඔහු හෙට පස්වරුවේ මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.

“ ද හින්දු” පුවත්පත වාර්තා කරන්නේ මෝඩි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවීමට ඉඩ ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මඩු දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය කටයුතු ලබන 14 වෙනිදා ආරම්භ කිරීමට ද නියමිතව තිබේ.

මේ අතර මෝඩි මහතාගේ පැමිණීම හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින කොළඹ සහ ඒ අවට මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කෙරේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>