ඉන්දීය තරු පැමිණි හේතුව ජනපති හෙළිකරයි

null

පසුගියදා ඉන්දීය නළු නිළි දෙපළක් මෙරට සිදුකළ සංචාරය වැරදි ලෙස හුවා දක්වමින් තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඇතැමුන් උත්සහ දරන බව ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ දෙහිඕවිට සහ දැරණියගල ප‍්‍රදේශවල පැවති ජනහමු අමතමිනි.

ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කලේ ඉන්දීය නළු සල්මන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය හුදෙක් පුණ්‍යාධාර ලබා දීම සඳහා සිදු වුවක් බවයි.

ඔවුන්ගේ පුණ්‍යාධාර ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවත් එහි වැඩ සටහන් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි බවත්.
ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් තමන්ද මුණ ගැසී එම ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම සල්මාන් ඛාන් මෙරටට ගෙන්වීම සඳහා කෝටි 700ක මුදලක් ලබාදුන් බවට පල වන පුවතක් තමන් දුටු බවත්, එය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් එතුමා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>