ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට

null

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ බව කියන ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සමග ධීවර යාත‍්‍රා 3 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර පසුව වැඩිදුර විමර්ශන සදහා මෙම ධීවරයන් පිරිස උතුරු පළාත් ධීවර පරීක්‍ෂකවරයා වෙත භාර දී ඇත.

මොවුන් අතර වයස අවුරුදු 14 ක කුඩා දරුවෙකුද වන බව සඳහන් වේ. මෙම ධීවරයින් යාපනය – කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙසැම්බර් මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව වාර්තා වේ.

මෙම ධීවරයින් පිරිස තමිල්නාඩු, රාමේෂ්වරම් සහ ජගදපටිනම් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>