ඉන්දීය පෙම්වතාගේ මුදල් වියදම් කළ හැටි අක්ෂා කියයි

null

ඉන්දීය ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිළි ආක්ෂා සුධාරි මෙනෙවිය එම මුදල් මිල අධික ඇඳුම් පැලඳුම් හා භාණ්ඩ මිලදී ගැනීමටත් මිතුරන් සමඟ තරු පහේ හෝටලවලට ගොස් වියදම් කිරීමටත් යොදාගත් බව ප්‍රකාශ කර ඇතැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (29දා) දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ සැකකාරිය වන ආක්ෂා සුධාරි මෙනෙවියගේ අංක 009810396857 දරන හැටන් නැෂනල් බැංකු ගිණුමට ඇමෙරිකන් ඩොලර් 98,000ක්ද, අංක 703020021399 දරන හැටන් නැෂනල් බැංකු ගිණුමට රුපියල් ලක්‍ෂ 24ක්ද වශයෙන් ගෝපිරාජ් නමැති අය ඩුබායි සිට මුදල් එවා ඇති බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි රහස් පොලිසිය එම මුදල් තමාගේ එදිනෙදා වියදම් සඳහා ගෝපිරාජ් විසින් එවන ලද මුදල් වන බැවින් අදාළ මුදල් තම එදිනෙදා වියදම් සඳහා යොදාගත් බවත් ආක්ෂා සුධාරි මෙනෙවිය ප්‍රකාශ කර ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.

මෙම සියලු මුදල් ගෝපිරාජ් නමැති අය විසින් කැමැත්තෙන් ලබාදුන් ඒවා බවත්, ඔහු විසින් ලබාදුන් වෙනත් තෑගි බෝග ඩුබායිවලදී ආපසු ගෝපිරාජ් හට ලබාදුන් බවත් ආක්ෂා සුධාරි මෙනෙවිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
ඉන්දීය ජාතිකයකු වන ගෝපිරාජ් නමැත්තා සමඟ පෙම් සබ¼දතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියකට අදාළව ඉකුත් ජූලි 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටි සැකකාරිය රුපියල් ලක්‍ෂ 30ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබිණි.

බොරලැස්ගමුව, රත්නපිටිය, අන්දිරිස් මාවත, අංක 70/15 නිවෙසේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුධාරි මෙනෙවියට එරෙහිව ඉන්දීය ජාතික කේ.පී. ගෝපිරාජ් මහතා රහස් පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව අධිකරණය එම නියෝග ලබාදී තිබිණි.
සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (29දා) යළි කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින ආක්ෂා සුධාරි නමැති සැකකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන්, අධිකරණය වෙත පරීක්‍ෂණයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව ඉන්දියාවේ, මුම්බායිහි පදිංචි ඒඵඩඪඵඩ බ්චඤඩචම නමැති අය ඉකුත් 16 වැනි දින රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇතැයි දන්වා සිටියේය.
මෙහි සැකකාරිය වන ගමගේ ආශා කුමාරි හෙවත් ආක්ෂා සුධාරි මෙනෙවිය සමඟ 2014 ඔක්තෝබර් මාසයේදී තමා සම්බන්ධතාවක් ආරම්භ කළ බවත්, පැමිණිලිකරු වන ගෝපිරාජ් යන අයට ව්‍යාපාර සහකරුවෙක් වශයෙන් ආක්ෂා සුධාරි විසින් තමාව හඳුන්වා දුන් බවත් ඒඵඩඪඵඩ බ්චඤඩචම නමැති අය ප්‍රකාශ කර ඇතැයි දන්වා සිටි රහස් පොලිසිය පසුව ගෝපිරාජ් යන අය විසින් ඒඵඩඪඵඩ බ්චඤඩචම හට දුරකතන ඇමැතුම් ලබාගෙන ආක්ෂා සුධාරි තමාව මූල්‍යමය වංචාවකට ලක්කළ බව පවසා ඇතැයි දන්වා සිටියේය.

මෙම මූල්‍ය වංචාව නවත්වන ලෙසටත් ගෝපිරාජ්ගෙන් ලබාගත් මුදල් ආපසු දෙන ලෙසටත් ගමගේ ආශා කුමාරිගෙන් ඉල්ලා සිටියද ඇය එසේ නොකළ නිසා ඇය සමඟ තිබූ සම්බන්ධ තාව නැවැත්වූ බව ඒඵඩඪඵඩ බ්චඤඩචම යන අය ප්‍රකාශ කර ඇතැයිද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති කරුණු අනුව සැකකාරියට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට සකස් කරමින් පවතින බවද රහස් පොලිසිය දන්වා සිටියේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් සොයිසා මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාවට ඇප ලබාදීමේදී නියම කළ සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය වෙත වාර්තා කරන ලෙසට අධිකරණය නිකුත් කර තිබෙන ඇප කොන්දේසිය ඇයගේ වෘත්තීය කටයුතු කරගෙන යෑමට බාධාවක් වන හෙයින් එය ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය. සැකකාරිය වෙනුවෙන් කළ එම ඉල්ලීම අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ප්‍රතික්‍ෂේප කළේය. ඊට අමතරව දැනට තහනමකට ලක්කර තිබෙන සැකකාරියගේ බැංකු ගිණුම් 2ක එකී තහනම ඉවත් කරන ලෙසට සැකකාරියගේ නීතිඥවරයා කළ ඉල්ලීම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාගේ විරුද්ධත්වය මත අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්‍ෂේප කළේය.

(මව්බිම)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>