07 Mar 2015
ඉන්දීය විදෙස් ඇමතිනී ජනපති හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (06) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
කොළඹ විජේරාම මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුවිය.
මේ අතර ඇය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ.
මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරිය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් පූර්ව කටයුතු සම්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමුකරනු ඇති බව සඳහන්ය.