ඉන්දු ලංකා ද්වීපාර්ශීය ගිවිසුම් 4ක් අත්සන් තැබේ

null

ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පස්වරුවේ නවදිල්ලි නුවර දී පැවත්විණි.

මෙහිදි දෙරට අතර ආර්ථික බලශක්ති, ධීවර හා සංස්කෘතික සබඳතා තර කෙරෙන ගිවිසුම් හතරකට අත්සන් තබා තිබේ.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ටික සහයෝගීතාව ඉන් පළමුවැන්නයි. ඉදිරි තුන් වසර සඳහා ඉන්දු – ශ‍්‍රී ලංකා සංස්කෘතික සහයෝගීතාව වෙනුවෙන් ද ගිවිසුමක් අත්සන් තැබුණු අතර, ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාල ව්‍යාපෘතියට ශ‍්‍රී ලංකාවට දායක විය හැකි අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තබා තිබේ. ඉදිරි දෙවසර සඳහා ඉන්දු – ශ‍්‍රී ලංකා කෘෂිකාර්මික සහයෝගීතාව වෙනුවෙන් ද අවබෝධතා ගිවිසුමක් එහිදී අත්සන් තැබුණා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාර්තු මාසයේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>