ඉන්ධන මිල අඩුවන ලකුණු

null

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය නව රජය මගින් ලබාදීමට කටයුතු කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල මේ වනවිට වාර්තා වන්නේ බැරලයක් අමෙරිකානු ඩොලර් 50 කටත් අඩු අගයකයි. වසර 11 කින් වාර්තා වූ අඩුම බොරතෙල් මිළද එය වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුනිල් වටගොඩ සඳහන් කර ඇත්තේ ලෝක වෙළඳපොලේ මිල අඩුවැඩි වීම්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල සැකසීම සඳහා වන මිල සූත්‍රය නව අමාත්‍ය මණ්ඩලයේ මුල් රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

දැනට ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවක් පවතින නිසා මිල සූත්‍රය මගින් දේශීය ඉන්ධන මිල අඩුවිය හැකි බව ඔහු පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>