ඉන්ධන මිල අඩු වෙයිද?

null

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල නැවත වරක් පහල ගොස් තිබේ. පසුගිය ජුනි මාසයේ සිට ලෝක වෙළඳපොල් තෙල් මිල 30% කින් පමණ පහත වැටුණ අතර විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ තෙල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තෙල් වෙළඳපොල ස්වභාවිකවම ස්ථාවර වනු ඇති බවයි.

මේ හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් පහළ ගියහොත් මෙරට වෙළෙඳපොළේ ද ඉන්ධන මිල නැවත වරක් අඩු කිරීමට සලකා බලන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ කොළඹදී පවතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා මෙරට ඉන්ධන මිල අඩු කල අතර ඒ පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් 5කින්ද, ඞීසල් මිල ලීටරයක් රුපියල් 3කින් සහ භූමිතෙල් මිල ලීටරයක් රුපියල් 20කින් ද වශයෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>