ඉබෝලා නිසා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

01
බටහිර අප්‍රිකානු රටවල පැතිර යමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉබෝලා වෛරසය පැතිරයාම වැළැක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන ලද විශේෂ රැස්විමකදී මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ගිනියාවෙන් පැතිරයාම ආරම්භ වු ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 932ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය කරයි. පසුගිය 04 වනදා වන විට ඉබෝලා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 1711ක් වූ අතර මෙම වෛරසය පැතිර යාම සීඝ්‍රයෙන්ම සිදු වු කාල සිමාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

මේ අතර එම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම වැළැක්වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රෝග අවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් පිහිටුවීමට මෙන්ම ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් යෙදවීමට ද පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

02

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>