ඉරාජ් ගැන පොලිස් පරීක්ෂණයක්

null

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මනුසතා ගීතය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

තවුහිත් ජමාද් සංවිධානයට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර තිබූ නඩුවක් ඊයේ (11) සැලකිල්ලට ගත් අවස්ථාවේදී අදාළ නියෝගය ලබාදී තිබිණ.

ඊයේ (11) නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එම සංවිධානය විසින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ මනුසතා ගීතය රූප රචනයේ සංහිඳියාවට බලපෑම් වන දර්ශන ඇතුළත් බවයි.

එබැවින් අදාළ ගීතය තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව තවුහිත් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාෆික් මහතා පවසා තිබේ.

බුදුන් වහන්සේට අපහාස වන අයුරින් තවුහිත් ජමාද් සංවිධානය මීට වසර කිහිපයකට පෙර කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය මෙම නඩුව පවරා ඇත.

කෙසේවෙතත් බුදුන් වහන්සේට අපහාස වන අයුරින් තම සංවිධානය මීට වසර කිහිපයකට පෙර කරන ලද ප්‍රකාශය අත්වැරදීමක් බවත්, සිය සංවිධානය පසුව එය ඉල්ලා අස්කරගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>