ඉස්සර උඩින් ගියේ – දැන් පහලින් යන්නේ
ජනතා හඩට ඇහුම්කන්දී අයවැයට සංශෝධන ඉදිරිපත්කිරීමට කටයුතු කිරීම පිළිබදව තමා අගමැතිවරයාට ස්තුතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් අමාත්‍යවරයා මෙවර ඉදිරිපත්කර ඇත්තේ ඉතිහාසගත අයවැයක් බවත් එමෙන්ම අයවැයේ වෙනස්වී ඇත්තේ මොනවාද වෙනස් නොවුයේ මොනවාද කියා පැහැදිලි කරන ලෙස ඉස්සර ඉහලින් ගිය තමා දැන් පහලින් යන නිසා සිදුවන සියල්ල පැහැදිලිව පෙනෙන බවද ප්‍රකාශ කළේය.
මෙම අයවැයෙන් පෙන්නුවේ වැඩ බැරි කම බව ද ඔහු එහි දී සඳහන් කළේය.
එමෙන්ම රටේ අනාගතය පිළිබඳ ධනාත්මකව කටයුතු කිරීමට ආණ්ඩුව වගබලා ගතයුතු බවද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
තවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක් වී පෙරේදා ඇමතිවරයෙකුගේ නිවසක සාදයක් පැවැත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.