උක්කුවා ඝාතනයට යොදාගත් මෝටර් රථය හමුවෙයි
තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ දී පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන නිලූක ඉන්දික ප්‍රසන්න නොහොත් උක්කුවා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන තිබේ.
අදාල ඝාතනය සඳහා සැකකරු පැමිණි මෝටර් රථය ඊයේ (27) මාතර – හුංගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් අනුව මහමඟ දමා ගොස් තිබියදී අදාළ මෝටර් රථය සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
අදාල මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බව දැනට සිදුකෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබෙන අතර එය කුලි පදනම මත කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ලබා දී තිබු බව පොලිසිය පවසයි.
ඝාතනය සිදුකළ සැකකරුවන් අදාල ව්‍යාපාරිකයාගෙන් මෙම මෝටර් රථය කුලි පදනම මත ලබාගෙන තිබේ. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක යි.
අධිකරණ නියෝගයකට අනුව ඉරිදා දිනයේ තංගල්ල පොලීසියට වාර්තා කර නැවත පැමිණෙමින් සිටියදී තංගල්ල – පල්ලික්කුඩාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා ඝාතනයට ලක්වුණේ ඉකුත් 26 වැනිදායි.