උඩවලව සිසුවාගේ ඝාතනය එක මලකට පෙම් කළ නිසයි

null

පසුගිය 14 වන දින සවස උපකාරක පන්ති යමින් සිටියදී උඩවලව කොළඹගේආර මහා විදුහ‍ලේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරු සහ මෙම සිසුවා එක් පෙම්වතියකට පෙම් කිරීම නිසා බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

වයස අවුරුදු 17ක පමණ සිසුවියක් සමග මෙම මියගිය සිසුවා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නට වෙරදරා ඇත. ඔවුන් අතර මිතුදමක් තිබුණත් තරුණිය ඔහුට කැමැත්ත ලබාදී නැත.
ඒ අතරතුර මෙම තරුණිය පසුපස ත්‍රිරෝද රථ රියැදුරකු වූ 21 හැවිරිදි තරුණයකුද ප්‍රේමය ඉල්ලා පැමිණ තිබේ. තරුණිය ඇගේ ආරක්ෂාව පිණිස ඒ ගැන මියගිය පාසල් සිසුවාට පවසා ඇත. ඒ හේතුවෙන් මෙම තරුණයාත් ත්‍රිරෝද රථ රියැදුරුත් අතර පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී ගැටුම් ඇති වී ඇත.

පසුගියදා (14) සවස මෙම සිසුවා උපකාරක පන්ති යමින් සිටියදී සැකකරු සහ තවත් 18 හැවිරිදි තරුණයකු මෙම තරුණයා එනතුරු ත්‍රිරෝද රථයටවී මග රැක සිට ඇත.
පසුව මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට යමු කියා පාසල් සිසුවාව ත්‍රිරෝද රථයේ නංවාගෙන ගොස් පහරදී ඇති අතර එම අවස්ථාවේ ත්‍රීරෝද රථය ඇතුලේදී පාසල් සිසුවාගේ ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා ඔවුන් පිහියක්ද උපයෝගී කරගෙන තිඛෙන අතර ඝාතනයෙන් පසුව තරුණයාව රැගෙන ගොස් කැලයකට දමා ඔවුන් පළා ගොස් තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු, සහ ඔහුට සහාය වූ සැකකරු සහ ත්‍රිරෝද රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් අදාල තරුණියගෙන්ද ප්‍රශ්න කර ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ දෙදෙනාගෙන් කිසිවෙකුට තමන් කැමැත්ත නොදුන් බවයි.

පෙර පළවූ පුවත පහතින්…

17 හැවිරිදි සිසුවෙක් ගෙල කපා ඝාතනය කරලා

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>