13 Nov 2014
උතුරු අධිවේගයේ ඉදිකිරීම් හෙට ඇරඹේ
උතුරු අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් හෙට (14) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ගලගෙදර , සෙංකඩගල ප්‍රදේශයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතියට මුල්ගල තැබීම සිදු කෙරේ.
මන්තීරු 04කින් සමන්විත වන ලෙස ඉදි කරන මෙම මාර්ගය කිලෝමීටර් 99 ක දුරකින් යුතුය. පැය එකහමාරක කාලයක් තුළ දී කොළඹ සිට නුවර දක්වා නගර දෙක අතර ගමනාගමනය සිදුකිරීම එමගින් අපේක්ෂිතය.
වසර 04 ක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත.