උතුරු අධිවේගයේ ඉදිකිරීම් ආරම්භ කරනවා

null

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. මහනුවර පන්විල ප‍්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

පසුගිය රජය සමයේ එම ව්‍යාපෘතිය ආරම්භ කළ ද ඒ සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට වත්මන් රජය අවශ්‍ය මුදල් සොයාගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු චීන සමාගමක් යටතේ ආරම්භ කරන බවත්, දකුණු අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම චීන රජයේ ආධාර මත සිදුකිරීමටත් කටයුතු කරන බව අග‍්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>