උතුරු ජනතාවගේ රත්‍රං නැවත ලබාදෙයි

null

යුද්ධය පැවති කාල සීමාව තුළ සොයා ගන්නා ලද උතුරු නැගෙනහිර ජනතාවගේ රත්‍රං තොගයක් එම ජනතාවට නැවත ලබා දෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කලේ කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි 2379ක පිරිසකගේ රත්‍රං තොගයක් මෙලෙස බෙදා දීම සිදු කරන අතර යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ එම රන් භාණ්ඩවල හිමිකාරීත්වය තහවුරු කරගැනීම සඳහා මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවූ බවයි.

ලබන දෙසැම්බර් මස 4 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී මෙම රන් භාණ්ඩ උතුරේ ජනතාව වෙත බෙදාදීමට නියමිතය.

ඒ අනුව මන්නාරම , වව්නියාව , යාපනය , කිළිනොච්චිය , මුලතිව් යන ප්‍රදේශවලට අයත් පිරිසකගේ රත්‍රං මෙලෙස නැවත ලබෙදනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>