උතුරු නැගෙනහිර කොටි සැමරුම්

null

එල්ටීටීඊ මහවිරු දින සැමරුම් උත්සව ඊයේ (27 වැනිදා) උතුරු නැගෙනහිර ස්‌ථාන කිහිපයක සංවිධානය කර තිබිණි. ඒ අනුව ඊයේ (27දා) උදේ නල්ලූර් කෝවිල ඉදිරිපිටදී පහන්a දල්වමින් ද, මුත්තූර් ප්‍රදේශයේදී සැමරුම් උත්සවයක්‌ සංවිධානය කරමින්ද එල්ටීටීඊ මහවිරු දින උත්සවයක්‌ පවත්වා තිබේ.

ඇතැම් ප්‍රදේශවල මහවිරු දින සැමරුම් පෝස්‌ටර් අලවා තිබූ අතර, අත්පත්‍රිකා ද බෙදාහැර ඇත.

මේ අතර මහවිරු දිනය සමරමින් නල්ලූර් කෝවිල ඉදිරිපිටදී පැවැත්වූ පහන් දැල්වීම දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ විසින් සංවිධානය කර තිබේ.

මෙම උත්සවය ආගමික ස්‌ථානයක පැවැත්වීම හේතුවෙන් එය නතර කිරීමට උත්සාහ නොකළ බව ආරක්‍ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් මෙම උත්සව හා අත්පත්‍රිකා බෙදීම් උතුරු නැගෙනහිර ජීවත්වන ජනතාවගෙන් ඉතා සුළු පිරිසක්‌ විසින් සංවිධානය කර ඇතැයි ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලවල සිසුන් කේක්‌ ගෙඩියක්‌ කපමින් ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා ඇත. “ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරමු” යනුවෙන් දැක්‌වෙන විශාල පෝස්‌ටරයක්‌ද සුබ උපන්දිනයක්‌ වේවා යයි දැක්‌වන පෝස්‌ටරයක්‌ ද විශ්වවිද්‍යාලවල ඉතිහාස සමාජය නමැති ශාලාවේ ප්‍රදර්ශනය කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවට හා පොලිසියට යාපනය විශ්වවිද්‍යාල තුළට යැමට අවසර නැති නිසා මෙකී නීති විරෝධී ක්‍රියාදාමයන් සිදුවී ඇතැයි උතුරේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවැසීය. මේ අතර “ප්‍රභාකරගේ 61 වැනි උපන් දිනය සමරමු” මැයෙන් දුන් පෝස්‌ටර් තොගයක්‌ කිළිනොච්චියේ තිබියදී ආරක්‌ෂක අංශ විසින් සොයාගෙන ඇත.

(දිවයින)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>