උතුරේ ජනතාවගේ රන් භාණ්ඩ යළි එම ජනතාවට

null

යුධ සමයේ උතුරේ සාමාන්‍ය ජනතාවගෙන් එල්ටීටීඊ සංවිධානය විසින් පැහැරගත් රන් භාණ්ඩ සහ මානුෂීය මෙහෙයුම පැවති කාල සීමාවේදී උතුරේ විවිධ ප්‍රදේශවල තිබී යුද හමුදාව විසින් සොයා ගන්නා ලද රන් භාණ්ඩ යලි ඒවයේ හිමිකරුවන්ට ලබාදෙන ලදී.

එම උත්සවය ඊයේ (04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ එතුමන් කියා සිටියේ මෙරටේ ජනතාවට මෙන්ම උපනූපන් පරපුරටද නිදහසේ ජීවත් විය හැකි රත්රන්වලටත් වඩා වටිනා මාතෘ භූමියක් ගොඩ නැගීමට වත්මන් රජයට හැකි වූ බවය.

එමෙන්ම බොරු ප‍්‍රචාරයන්ට නොවැරටී රජයේ වැඩපිළිවෙල පිළිබද සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි එතුමා ත‍්‍රස්තවාදයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල නැවත එම ජනතාවට ලබාදීමට රජය ක‍්‍රමානුකූලව කටයුතු කළ බවත් මෙහිදී පැවසුවේය.

මෙම උත්සවයේදී රන් භාණ්ඩවල හිමිකාරිත්වය තහවුරු කර ගත් පුද්ගලයින් 2,379 දෙනෙකුට එම රන් භාණ්ඩ භාරදීම සිදුවු අතර වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය යන ප්‍රදේශවලින් මේ රන් භාණ්ඩ සොයා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් දායා රත්නායක මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>