20 May 2015
උතුරේ යළි කොටි ධජ දැකීමට ලැබීම කණගාටුවක්
රණවිරු විජයග්‍රහණයේ 6 වන සැමරුම යෙදෙද්දී උතුරේ ඇතැම් ස්ථානවල කොටි ධජ ලෙළදීම අවාසනාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තම ජීවිත කාලය තුළ එවැන්නක් දැකීමට ලැබීම කණගාටුවක් බව ද ඔහු සඳහන් කරයි.
හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ මාතර – කඹුරුපිටිය – සපුගොඩ විද්‍යා නිකේතන පිරිවෙන් විහාරස්ථානයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින්.