උතුරේ හමුදා කඳවුරු ඉවත් කළේ මහින්ද

null

වත්මන් ආණ්ඩුව විසින් උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගියදා මාතර පැවති රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යොමුකළ නිවේදනයේ වත්මන් ආණ්ඩුව උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කර ඇති බවට සඳහන් කර තිබුණි.

වත්මන් ආණ්ඩුව යටතේ උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්නම් ඒවා නම් කරන ලෙස ඔහු පවසයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩුව උතුරේ කිසිදු කඳවුරක් ඉවත් කර නොමැති බවයි. එලෙස කඳවුරු ඉවත් කිරීමක් සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදියි. වත්මන් ආණ්ඩුව ඉඩම් අක්කර 1000ක් නිදහස් කළේ ද යුද හමුදාවේ එකඟත්වය මතයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හමුදාව අත්පත් කර ගෙන තිබූ ඉඩම් අක්කර 11,000සෙන් 5000ක් නිදහස් කර තිබෙනවා. එම නිසා තම දුෂණ සහ වංචා වසා ගැනීමට හිටපු ජනාධිපතිවරයා යළි කොටි මන්තරය ජප කරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>