උදය ගම්මන්පිලගේ සහය යළි ජනපතිට

null

ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනූව ඔහු අද (11) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා මේවන විට සහභාගි සිටියි.

බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුරයක් දැරූ උදය ගම්මන්පිල පසුගියදා එම ධුරයෙන් ඉවත්වී ජාතික හෙළ උරුමය සමග වීපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය ලබාදෙන බවට ප‍්‍රකාශ කළේය.

මාධ්‍ය අමතමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ප්‍රතිපත්තිමය තීරණයක් මත තමන් එම තීරණය ගත් බවයි. ජාතික හෙළ උරුමය අත්වැල් බැඳගෙන ඉන්නේ රටම ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් එක්ක බවද පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා තිබීමද තමන්ගේ මෙම තීරණයට හේතු වූ බව උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් ප්‍රකශ කර ඇත.

ඒ අනූව පක්ෂය වෙනුවට ආදරණිය මව්බිම තෝරාගන්න තමන් තීරණය කළ බවද තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම සදාචාර සම්පන්න නොවන නිසා තමන් අද සිට පක්ෂයෙන් ඉවත් වෙන බව ඔහු පවසා තිබෙන අතර මේ නිසා තමන් තවදුරටත් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නොවන බවත්, තමන් ස්වාධීනව මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවත්, ඔහු සඳහන් කල බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>