උපන්ගෙයි මරා නොදැමූවේ ඇයි – ජගත් මනුවර්ණ හැඟුම්බර වෙයි

null

කුරුණෑගල, කුඹුක්ගැටේදී පැවැත් වූ සංගීත හමුව හා වත්මන් පාලනයේ අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට. සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් පිරිසකට එල්ලවූ මැර ප‍්‍රහාරය පිළිබඳ අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද (30) සෝලිස් හෝටලයේදී පැවැත්වුණි.

එහිදී ජගත් මනුවර්ණ හැඬූ කඳුලින් “මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?” යනුවෙන් විමසා තිබුණි. ඔහු සිය කතාව අවසන් කොට තිබුනේ “මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා.” යනුවෙනි.

මෙහිදී ඔවුහු පැවැසුවේ සිද්ධිට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින්, ප්‍රහාරයේ වගකීම එම කලාකරුවන් වෙතම පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බවයි. පොලිස් අවසරය ලබාගෙන අදාළ ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කළද, පොලිස් අවසරයකින් තොරව පවත්වා ඇතැයි චෝදනා කරමින් එම ප්‍රහාරයේ වගකීම වෙනතකට යොමුකෙරමින් තිබෙන බව මෙම අවස්ථාවේදී එක්වූ කලාකරුවෝ පැවසූහ.

null
null
null

ඡයාරූප – අද

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>