උපන්දිනය දාම ගෙල වැලලාගෙන මියගිය සිසුවිය

null

හැටන් කොටගල දෙමළ මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. උසස් පෙළට සූදානම්වී සිටි පාසැල් ශිෂ්‍යාවක් ඇයගේ කාමරය තුළ වූ බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන තිබේ.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ හැටන් කොටගල මල්ලිඅප්පු ප්‍රදේශයේ පදිංචි උදයකුමාර් ප්‍රවීනා නැමති අවුරුදු දහනවයක (19) පාසැල් සිසුවියකි. ඇයගේ දහනව වෙනි (19) උපන් දිනය අදට (03.06) යෙදී තිබූ බව ඇගේ මව සඳහන් කර ඇත.

ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ අද දහවල් 1 ට පමණ තමන් බාලදියණිය පාසැලෙන් රැලෙන ඒමට ගිය අවස්ථාවේ තම වැඩිමල් දියණිය බාල්කයේ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව යි.

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇය පන්ති තහනමකට ලක්වී සිටි නිසා ඇයගේ නිවසේ සිටම අධ්‍යාපන කටයුතු කරන ලෙසට ඇයට පැවසූ බව ඇයගේ මව පවසයි.

සිද්ධිය පිළිබඳව හැටන් පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>