උපාධි අපේක්ෂිකාව ඝාතකයාගේ පාපොච්චාරණය

null

මාත‍ලේ වරාපිටියේ විසි හතර හැවිරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වූ ලලනි නදීශා මෙනවිය ඝාතනය කර මාස 6ට පසු පසුගියදා ඇයගේ ඝාතන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

මෙම සැකකරු වරාපිටිය පදිංචි දොන් ඩෙන්සිල් ජයවර්ධන නැමති 32 හැවිරිදි විවාහක අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා ඊයේ (11) නියෝග කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් ඉදිරියේ පා‍පොච්චාරණය කොට තිබෙනවා.

“මම කාමරේට එබිකම් කළේ ගෙනියන්න පුළුවන් දෙයක් තියෙනවද කියල බලන්නයි. මුළු කාමරේම අඳුරුයි. ඇඳට විතරක් හඳ එළිය වැටිල තිබුණා. ඒ එළිය වැටිල තිබ්බේ වහ‍ලේ වීදුරු උළු කැටෙන්. ඇඳේ නිදාගෙන හිටියා ගෑනු ළමයෙක්. එයාගේ ඇඳුම් එහා මෙහා වෙලා තිබුණා. එයා ගැන මට ආසාවක් ඇතිවුණා. මම ඇය ළඟට ගිහින් අතේ තිබුණ මිටියෙන් ඔළුවට පහරක් ගැහුවා. පස්සේ එයාව උස්සගෙන එළියට ගෙනාවා.”

සැකකරු නිවසට ඇතුළුවී ඇත්තේ ඇයගේ සහෝදරයාගේ විවාහ මංගල උත්සවය පැවැති පසුගිය මැයි 23 දින මධ්‍යම රාත්‍රියේය. ඒ මනාලියට ලැබුණු දැවැද්ද සහ මුදල් සොරාගැනිමේ අරමුණින් බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>