උපාලි කොඩිකාරට ඇප ලැබෙයි

null

පොලීසියේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ මන්ත්‍රිවරයා රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන් පිරිසක් මැලේසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බැවින් ඒ සඳහා උපාලි කොඩිකාර මහතාටද අවස්ථාවක් ලබාගනු පිණිස ඇප ලබාදෙන්නැයි මන්ත්‍රීවරයාගේ නීතිඥයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකාබලා මෙම නියෝගය ලබාදී තිබේ.

පසුගිය 19 වනදා කුරුඳුවත්ත පොලිසිය මගින් උපාලි කොඩිකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ, පසුගිය 16 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු පොලිසියේ රාජකාරියට බාධා එල්ලවන අයුරින් හැසිරීමයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>