උපුල්ටත් හොර හැඳුනුම්පත් 2ක් සහ ගමන් බලපත්‍රයක්

null

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් සභා අමාත්‍ය ඩි.වී.උපුල් මහතා ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කර ඇතැයි රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

තවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී ඒ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවධිමත් ආකාරයෙන් ලබාගත් එකක් බවත් අනාවරණය වී ඇත.

ඒ අනුව අද ඒ මහතාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ගිහින් පිලිපිටිය මහතා විසින් එළඹෙන 15 වන දින දක්වා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

එසේම සැකකාර පළාත් සභා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව කියන අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයේ මුල් පිටපත සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද හෙතෙම නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>